"ඔයා free ද ? මට ටිකක් කතා කරන්න ඕන ! "
" මචං උබ වැඩක් නැත්නම් මම හවසට එන්නද පොඩ්ඩක් කතා කරන්න ! "
" මම call එකක් ගන්නද පොඩ්ඩක්, කතා කරන්න "
" මම ඔයාව දන්නේ නෑ! ඒත් මට පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න පුලුවන් ද ?"
" මම පොඩි අවුලක ඉන්නේ බං. හම්බෙන්න පුලුවන් ද ?"
කෙනෙක්ගෙ ජීවිතේ ඔයා විශේෂ කෙනෙක් නම් විතරක් ඔයාට මෙහෙම දේවල් ඇහිලා ඇති !
මිනිස්සු තනියම ප්‍රශ්න වලට උත්තර හොයනවා! ඒක මම උඩින්ම පිලිගන්නවා. හැබැයි ඒ අතරෙම මිනිස්සුන්ගෙ ජීවිත වල ඉන්න විශේශම මිනිස්සුන්ට විවෘත වෙනවා !!
ඉතින් පිලිගන්න !
කෙනෙක්ගෙ ජීවිතේ ඔයා විශේශ නම් විතරක් මිනිස්සු දේවල් කියනවා!
කාගෙ හරි ජීවිතේක කොන්දේසි විරහිත සවන්දෙන්නෙක් වෙන්න..
ආදරනීයම මනුස්සයෙක් වෙන්න 🤍
මිනිස්සු දේවල් කියලා බලාපොරොත්තු වෙන්නේ " උත්තරම " නෙවෙයි !
තමන් වෙනුවෙන් මේ වෙලාවේ කෙනෙක් ඉන්නවා කියලා දැනෙන හැගීම විතරක් වෙන්න පුලුවන් !
ඒ වගේම තමන් වෙනුවෙන් එහෙම හිටපු කෙනෙක්ට "ස්තූතියි" කියන්න !
මොකද කෙනෙක්ගේ ජීවිතේ විනාඩියක් හරි අපිට වෙන් කරනවා කියන්නෙම වටින දෙයක් !! 🤍
(__ජයේ__)
jayanipalihakkara

No comments:
Post a Comment